දෙවෙනි ඉනිමේ සොනාලි ටීචර් සුරූපී නිලි හිමායා බණ්ඩාර ඇයගේ උපන්දිනය සැමරුව හැටි (PHOTOS)

sri lanka gossip Himaya bandara
By Sithumi Jan 15, 2022 12:53 PM GMT
Sithumi

Sithumi

Report

අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක්, නිරූපන ශිල්පිනියක් මෙන්ම නිවේදන ශිල්පිනියක් තමයි හිමායා බණ්ඩාර කියලා කියන්නේ. ඉතින් ඒ වගේම තමයි දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ ඇය රඟපෑ සොනාලි ටීචගේ චරිතය හරහා ඇය අපේ රටේ බොහෝ දෙනෙකුගේ ආදරය දින ගනිමින් ජනප්‍රිය රංගන ශිල්පිනියක් බවට පත්වුණා.

ඉතින් ඒ වගේම ඇයගේ මෙතෙක් රංගන ජීවිතේ ඇය ආසාවෙන්ම රගපෑ ඇයට කවදාවත් අමතක කරන්න බැරි චරිතය සොනාලි ටීචගේ චරිතයලු. ඒ වගේම බොහෝ දෙනෙක් අදටත් ඇයව හදුනා ගන්නේ සොනාලි ටීචර් විදිහට කියලයි ඇයනම් කියන්නේ. ඉතින් ඒ වගේම හදවතේ කතාවේ ටෙලි නාටයයේද ගුරුවරියකගේ චරිතයකට ඇය පහුගිය කාලේ රංගනයෙන් දායක වුනා.

කොහොම නමුත් මේ දවස්වල ඇයව අපට කලා නිර්මාණ වලින්නම් වැඩිය දැකගන්න ලැබෙන්නේ නැහැ. නමුත් මියුසික් වීඩියෝ හරහා නම් අපට ඇයව නිතරම දැකගන්න පුළුවන්. ඒ වගේම නිරූපන ක්ෂේත්‍රයේද ඇය මේ වනවිට කැපී පෙනෙන චරිතයක් වෙලා. ඒ වගේම ටික් ටෝක් වලද කැපී පෙනෙන සාමාජිකාවක් විදිහට ඇයව හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඊයේ දිනයට ඇයගේ උපන්දිනය යෙදිලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් ඇය කේක් එකක් කපලා ලස්සනට චාම්ව ඇයගේ උපන්දිනය සමරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඒ වගේම ඇයගේ උපන්දිනය වෙනුවෙන් ඇයට සුබ පැතූ අයට ස්තූති කරමින් ඇය ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට ආදරණීය සටහනක් එකතු කරලා තියනවත් අපට දැකගන්න ලැබුණා. ඉතින් එහිදී ඇය පවසලා තිබුනේ මෙන්න මේ වගේ කතාවක්. මට විශ් කරපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි ආදරෙයි. මැසෙන්ජර් එකට ගොඩක් මැසේජ් ඇවිල්ලා තියෙනවා ඒවට මම අනිවාර්යෙන් හෙට රිප්ලයි කරනවා. ඔයාලගේ ආශිර්වාදය ශක්තිය තමයි මගේ සතුට.

හැමොටම ගොඩක් ආදරෙයි කියලයි ඇය පවසලා තිබුනේ. ඉතින් මේ ඊයේ දිනයදී උපන්දිනය සමරපු ජනප්‍රිය සුරූපී නිලි හිමායා බණ්ඩාරට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පතන ගමන් ඇයගේ ජීවිතේ ඉදිරි වැඩ කටයුතු සියල්ලමත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු

GalleryGalleryGalleryGallery