අධිවේගී මාර්ගයේ සීට් බෙල්ට් නීතිය කැඩූ 9,000කට දඩ ගහලා

Report

ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගවල ගමන් කිරීමේදී ආරක්ෂිත පටි (Seatbelts) භාවිතය අනිවාර්ය කර ඇති නීතිය උල්ලංඝනය කළ රියැදුරන් සහ මගීන් 9,000කට ආසන්න පිරිසකට දඩ පනවා ඇති බව පොලිසිය සඳහන් කරයි.

අධිවේගී මාර්ග රථවාහන පොලිස් කොට්ඨාසය පැවසුවේ, මෙතෙක් සිදු කළ වැටලීම්වලදී මෙම සියලුම රියැදුරු සහ මගීන් හඳුනාගෙන දඩුවම් නියම කර ඇති බවයි.

අධිවේගී මාර්ගවලට ඇතුළුවන සහ පිටවන සියලුම ස්ථානවලදී පොලිස් නිලධාරීන්, රියැදුරු සහ මගීන් ආරක්ෂිත පටි පැළඳ සිටින බව දැඩි පරීක්ෂාවට ලක් කරති.

මේ දිස්ත්‍රික්කවලට නායයෑමේ අනතුරු ඇඟවීම්

මේ දිස්ත්‍රික්කවලට නායයෑමේ අනතුරු ඇඟවීම්

2025 සැප්තැම්බර් 01 වැනිදා සිට, අධිවේගී මාර්ගවල ගමන් කරන රියැදුරන්ට මෙන්ම ඉදිරිපස සහ පසුපස අසුන්වල සිටින සියලුම මගීන්ට ආරක්ෂිත පටි භාවිතය අනිවාර්ය කර ඇත.

මෙම නීතියේ ප්‍රධාන අරමුණ වන්නේ මාර්ග ආරක්ෂාව ඉහළ නැංවීම සහ හදිසි අනතුරක් සිදුවූ විට සිදුවන තුවාල හෝ මරණ අවම කර ගැනීමයි.

ඒ නිසා පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ, දඩ මුදලෙන් බේරීමේ අරමුණට වඩා තමන්ගේ සහ මගීන්ගේ ජීවිත ආරක්ෂාව සඳහා මෙම නීතිය ගරු කිරීමයි.

අකුරේගොඩ ඝාතනයට තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

අකුරේගොඩ ඝාතනයට තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට