තවත් ප්‍රදේශ රැසකට අධි අවදානම් ගංවතුර අනතුරු ඇඟවීමක්

Report

පවතින තද වැසි සහ ගිනිකොණ දෙසින් ශ්‍රී ලංකාවට ආසන්නව ඇති වී ඇති අඩු පීඩන කලාපය (දැන් ගැඹුරු මාරුතාවක් බවට පත්ව ඇති “දිත්වා” චක්‍රවාතය) හේතුවෙන් ඇති වන අධික වාර්ෂාපතනය හමුවේ, මහවැලි ගඟ, දැදුරු ඔය, මහ ඔය, කළා ඔය, මැණික ගඟ සහ මල්වතු ඔය ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට අධි අවදානම් මහ ගංවතුර් තත්ත්වයන් ඇති වීමේ ඉඩකඩක් පවතින බැවින්, එම ප්‍රදේශවලට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

අද (27) රාත්‍රී 11.30ට නිවේදනයක් නිකුත් කරමින් වාර්මාර්ග දෙපාර්තමේන්තුව මෙම අනතුරු ඇඟවීම් නිකුත් කළේය.

හදිස්සියේම ජාතික ආපදා කළමනාකරණ සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

හදිස්සියේම ජාතික ආපදා කළමනාකරණ සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

ඒ අනුව එම ප්‍රදේශවලට ලැබෙමින් පවතින අධික වර්ෂාපතනය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් නඩත්තු කරනු ලබන ජලමාපකවල අගයන් සලකා බැලීමේදී එම ප්‍රදේශවල මහ ගංවතුර තත්ත්වය තවදුරටත් ඉහළ යනු ඇත.

එම නිසා එම ප්‍රදේශවල ගංඟාවන්ට ආසන්නව පදිංචි මහජනතාව ඒ සම්බන්ධව ඉතා දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, ඇතිවී ඇති අධි ගංවතුර තත්ත්වයෙන් ආරක්ෂාවීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටී.

ගංඟා දෙපස පහත් බිම්වල වෙසෙන ජනයා හැකි ඉක්මනින් ඉන් ඉවත්වී ආරක්ෂිත ස්ථාන වෙත ළඟාවීම වඩාත් සුදුසු බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.    

මහජනතාවට හදිසි නිවේදනයක් - අවදානම් කලාප ටික මෙන්න

මහජනතාවට හදිසි නිවේදනයක් - අවදානම් කලාප ටික මෙන්න

ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක්

ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක්