සඟවා තිබූ බෝම්බ තොගයක් ප්‍රදේශයකින් හමුවෙයි.
Police
By Thaya
මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක සඟවා තිබූ බෝම්බ තොගයක් සොයා නිශ්ක්‍රීය කිරීමට පියවර ගත් බවට මුලතිව් පොලිස් විශේෂකාර් ය බලකා කඳවුර පවසනවා.
මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් විසින් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ පිහිටි කැලෑබද ප්‍රදේශයක සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී අදාල යුද උපකරන තොගය සොයාගනු ලැබීය.
එහිදී මිලිමීටර් 60 මෝටාර් උණ්ඩ 03 ක්, ආර්. පී.ජී. උණ්ඩයක්, අත්බෝම්බ 02 ක් මෙසේ සොයාගනු ලැබීය.
සොයාගත් යුද උපකරණ දැඩි ලෙසින් අබලන් තත්වයේ පැවතීම නිසා යුද සමයේදී කොටි සංවිධානය විසින් අදාල යුද උපකරණ තොගය සඟවා තබන්නට ඇති බවටත් සොයාගත් යුද උපකරණ වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා මුලතිව් පොලීසියට භාර දීමට පොලිස් විශේෂ කාර් ය බලකාය විසින් පියවර ගනු ලැබීය.