පාරිභෝගිකයා නොදන්නා බියර් නිෂ්පාදනයේ රහසක් එළියට

Report

බියර් නිෂ්පාදනය සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස සහල් සහ සීනි භාවිතා කිරීමට නිෂ්පාදකයින්ට අනුමැතිය දීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

බලපත්‍රලාභී මත්පැන් අලෙවිකරුවන් පිරිසක් විසින් මෙම පෙත්සම ගොනු කර ඇති අතර, සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා, සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ සුරාබදු පනතේ දෙවන වගන්තියට අනුව 'බියර්' යනු මෝල්ට්වලින් සාදන ලද පැසුණු මත්පැන් ලෙස අර්ථකථනය වන බවයි.

පාරිභෝගිකයා නොදන්නා බියර් නිෂ්පාදනයේ රහසක් එළියට | Hidden Beer Production Secret Revealed

එහෙත් වර්තමානයේ බොහෝ නිෂ්පාදකයින් බියර් නිෂ්පාදනය සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස සහල් සහ සීනි භාවිතා කරන බවත්, එය සුරාබදු පනතේ විධිවිධානවලට පටහැනි බවත් ඔවුහු චෝදනා කරති. රජය සහල් නිෂ්පාදනය සඳහා මහජන මුදල් යොදා විශාල සහනාධාර ලබා දී ඇති පසුබිමක, එම සහල් බියර් වැනි වාණිජ කර්මාන්ත සඳහා යොදා ගැනීම ජාතික ආර්ථිකයට අහිතකර බලපෑමක් ඇති කරන බවද පෙත්සම්කරුවන් පෙන්වා දෙයි. ඒ හරහා ශ්‍රී ලංකාව සහල්වලින් ස්වයංපෝෂිත වීමේ ඉලක්කයටද බාධා එල්ල වන බව ඔවුන් සඳහන් කර ඇත.

එමෙන්ම මත්පැන් නිෂ්පාදනයේ ප්‍රමිතිය අධීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ වත්මන් ප්‍රමිති යාන්ත්‍රණය යාවත්කාලීන වී නොමැති බවද පෙත්සම්කරුවන්ගේ තවත් චෝදනාවකි. ඒ අනුව, බියර් නිෂ්පාදනය සඳහා සහල් හා සීනි භාවිතයට අනුමැතිය දීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසත්, ඒ සම්බන්ධයෙන් තවත් නියෝග කිහිපයක්ද ලබාදෙන ලෙසත් ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටී.

රාජ්‍ය ආයතනවලින් ප්ලාස්ටික් වතුර බෝතල් අතුගා දමන දැවැන්ත තීන්දුවක්

රාජ්‍ය ආයතනවලින් ප්ලාස්ටික් වතුර බෝතල් අතුගා දමන දැවැන්ත තීන්දුවක්

 

සෞඛ්‍යය ගැන සැලකිලිමත් විය යුතු, අද දවසේ විශේෂ ලග්න පලාඵල විස්තරය

සෞඛ්‍යය ගැන සැලකිලිමත් විය යුතු, අද දවසේ විශේෂ ලග්න පලාඵල විස්තරය