හිටිහැටියේම වැඩි වූ වැසි තත්වයේ ඉදිරි පැය 36 තුළ මොන වගේ දෙයක් සිදුවෙයිද? - මෙන්න නවතම කාලගුණ නිවේදනය.

Department of Meteorology Landslide In Sri Lanka Weather Floods In Sri Lanka Irrigation Department
By Wayomi Jun 03, 2024 12:25 PM GMT
Wayomi

Wayomi

Report

හෙට (04) සිට දිවයිනේ නිරිතදිග කොටසේ පවතින තද වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ, අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබෙනවා.


Gallery

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%