රියැදුරු බලපත්‍ර ලබාදීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..

Parliament of Sri Lanka Dullas Alahapperuma Driving Licence Department of Motor Vehicles
By Aruna Dec 22, 2023 04:10 AM GMT
Aruna

Aruna

Report

ආබාධ සහිත පුද්ගලයන්ට මෙම මස සිට රියැදුරු බලපත්‍ර ලබාදීමට රජයේ අනුමැතිය හිමිවී ඇති බව ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය ප්‍රකාශ කර සිටිනවා.

ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ඒකාබද්ධ පෙරමුණ විසින් ආබාධිත සහිත තැනැත්තන්ගේ පාර්ලිමේන්තු සංසදයෙන් ඉල්ලා තිබෙන්නේ, මෙලෙස ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් ජනාධිපතිවරයාගේ හෝ අගමැතිවරයාගේ නායකත්වයෙන් යුතු ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවන ලෙසයි.

කෙසේ වෙතත් මේ පිළිබඳව ජාන්ධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ආබාධ සහිත පුද්ගලයන්ට අවස්ථාව දෙන බව ආබාධ සහිත තැනැත්තන්ගේ පාර්ලිමේන්තු සංසදයේ සභාපති ඩලස් අලහප්පෙරුම පවසා ඇති බවටයි වාර්තා වන්නේ.

ReeCha