යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ පවුල් වලට සහ ආබාධිත වූ රණවිරුවන්ට මෙන්න සුබ ආරංචියක්.
යුද්ධයට (2009.05.19 දිනට පෙර) සක්‍රියව දායකත්වය ලබා දී ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් මියගිය, ආබාධිත ව වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගොස් සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට පූර්ණ වැටුප හා දීමනා ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ඒ, අනුව රණවිරුවාගේ වයස අවුරුදු 55 එළැඹීමට පෙර මිය ගිය අවස්ථාවක දී ඔහුගේ වයස අවුරුදු 55 එළඹෙන දිනය දක්වා ඔවුන්ගේ යැපෙන්නන්ට මෙම වැටුප් හා දීමනා ලබා දීමට නියමිත බවයි වාර්තා වන්නේ.