තරුණ තරුණියන්ට එන්නත් ලබාදීම ගැන හේමන්ත හේරත් ගෙන් විශේෂ දැනුම්දීමක්.

Sri Lanka Pfizer vaccines Covid vaccines Hemantha herath Youthful vaccine
By Aruna Oct 04, 2021 07:36 AM GMT
Aruna

Aruna

Report

කොවිඩ් ව්‍යාප්තිය අවම කිරීම සඳහා තරුණ ප්‍රජාව එන්නත් ගැනීම අත්‍යවශ්‍ය බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

මේ අතර මහරගම අපේක්ෂා රෝහලේ වයස අවුරුදු 12ට වැඩි දරුවන් එන්නත් කිරීම අද (04) දිනයේ දී ආරම්භ වුණා.

නිදන්ගත රෝගවලන් පෙළන සහ විශේෂ අවශ්‍යතා සහිත වයස අවුරුදු 12ට වැඩි දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීම අදත් දිවයින පුරා ක්‍රියාත්මකයි.

ඒ යටතේයි මහරගම අපේක්ෂා රොහලේදී එන්නත්කරණ කටයුතු අද ආරම්භ වුණේ.

මේ අතර වයස අවුරුදු 15ත් 19ත් අතර ළමුන් සඳහා කොවිඩ් එන්නත ලබාදීම ආරම්භ කිරීම සම්බන්ධයෙන් මෙම සතිය තුළ ජනාධිවතිවරයා උපදෙස් ලබාදෙනු ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

කතරගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙම අදහස් පළ කළේය.

"විවිධ රෝගාබාධ සහ සංකූලතා ඇති වයස අවුරුදු 12ත් 19ත් අතර දරුවන්ට එන්නත්කරණය මේ වනවිට සිදුකෙරෙනවා.

ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන්නා ඒ එන්නත්කරණය අවසන් වූ වහාම වයස අවුරුදු 15ත් 19ත් අතර දරුවන් එන්නත්කරණය ආරම්භ කරනවා කියලා.

ඒ අනුව බොහෝදුරට ජනාධිපතිවරයා මේ සතියේ ඒ පිළිබඳව උපදෙස් ලබාදෙයි, කෙසේද එම එන්නත්කරණය කරන්නේ කියලා.

දැනට දී තිබෙන උපදෙස් අනුව ඔක්තෝබර් 15වනදා වෙනකම් ජනතාවට ඒකරාශීවීමට අවස්ථාවක් ලබාදෙන්නේ නෑ.

ඒ තත්ත්වය පවත්වාගෙන යනවා. ඔක්තෝබර් 15න් පස්සේ ඒ තත්ත්වය මගහැරීමට බොහෝදුරට අවස්ථාව තියෙනවා," යනුවෙන් යුද හමුදාපතිවරයා පැවසීය.

මේ අතර මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබන ළමුන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීම අද දිනයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා පැවසීය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now