ලංකාවේ නැව් හදන්න ප්‍රංශයෙන් උදව්.

Ranil Wickremesinghe Sri Lanka Government Of Sri Lanka France
By Wayomi Aug 05, 2023 12:41 PM GMT
Wayomi

Wayomi

Report

මෙරට නැව් කර්මාන්තය දියුණු කිරීමට ප්‍රංශ රජයේ සහය ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පොරොන්දු වී තිබෙනවා.

ඒ, ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් මහතාගේ මෙරට සංචාරය අතරතුරයි.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා මේ සම්බන්ධයෙන්  කල දැනුවත් කිරීමෙන් අනතුරුවයි ප්‍රංශ ජනාධිපතිවරයා මෙම එකඟතාවය පළ කර ඇත්තේ.

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිවරයා මගින් මෙම කටයුතු සම්බන්ධීකරණය කර  ගනිමින්  තම නැව් සමාගම් වල සහය ලබා ගන්නා ලෙස ප්‍රංශ ජනාධිපතිවරයා වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.


ReeCha