මුහුණු පොතේ හෑලී ලියමින් හතර දිගට කුඩු බෙදූ රූමත් කාන්තාව මාට්ටු
ව්‍යාජ නමකින් පවත්වාගෙන යන ෆේස්බුක් ගිණුමක් ඔස්සේ මත්කුඩු ජාවාරම හා භාවිතය දැඩිව විවේචනය කරන අතර, මහනුවර සහ එහි අවට ප්‍රදේශවල මත්කුඩු බෙදාහැරීමේ සිදුවීම් පිළිබඳ තොරතුරු බෙදා දුන් රූමත් තරුණියක්, මහනුවර පොලීසියේ දුෂණ මර්දන ඒකකය විසින් අද (21) අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, මෙම තරුණිය මත්කුඩු ජාවාරම්කරුවන් පිළිබඳව පොලීසියට ඔත්තු සපයමින් පොලිසීන්ගේ විශ්වාසය දිනාගෙන, එම ඔත්තු මගින් සිදුකරන ලද මත්කුඩු ජාවාරමට උපකාරී වී ඇති බවයි.
අත්අඩංගුවට ගත් තරුණිය සතුව තිබූ මත්කුඩු ග්‍රෑම් 17ක් පොලීසිය සොයාගෙන ඇත. ලැබුණු තොරතුරුවලට අනුව, මහනුවර නගරයේ හෝටලයක් වටා සිදුකළ සොයාබැලීමේදී එම තරුණිය සමඟ තවත් යුවළක් අත්අඩංගුවට ගෙන, ඔවුන් සතුව තිබූ හෙරෝයින් ග්‍රෑම් 2ක් පොලීසිය සොයාගෙන තිබේ.
පොලීසිය විමර්ශනයෙන් අනාවරණය කළේ, මත්කුඩු ජාවාරමේ නිරත තරුණිය ව්‍යාජ නමකින් පවත්වාගෙන ගිය ෆේස්බුක් පිටුවේ මිතුරන් ලෙස පොලිසීන් සහ හමුදාවේ පුද්ගලයින් සිටින බවත්, රත්මලානේ සයිමා නමැති පුද්ගලයාගේ කුඩු ජාලයේ මහනුවර නියෝජිතවරියක් ලෙස කටයුතු කරමින් සිටින බවයි.
අත්අඩංගුවට ගත් කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා රැඳවුම් නියෝගයක් ලබා ඇති අතර, මෙම විමර්ශන මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක සහ මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර හක්මනගේ සෘජු අධීක්ෂණය යටතේ සිදු කෙරෙයි.