තහඩුවක් ගියත් දෙනවා කිව්ව ලක්ෂ 50 කෝ සජිත් අදත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි

Report

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානි සඳහා සහන ලබාදීම,නිවාස ලබාදීම ආදී සහන සියල්ල ලබා දීම සිදුවන්නේ මන්දගාමී ලෙස බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී සදහන් කර ඇත .

ඒ වගේම මේ සම්බන්ධව තව දුරටත් අදහස් දැක් වූ විපක්ෂ නායකවරයා සදහන් කර ඇත්තේ මෙවන් අදහසකි.

 '' ආපදා කදවුරුවල ඉන්න අයට යන්න කියනවා අවදානම තියෙද්දිත් ගෙවල් වලට යන්න කියලා. පුදුමයක් නෙමේ ආපදා කදවුරු වල කට්ටිය අඩු වෙනවා කියන එක. උන් හිටි තැන් නැති වුණ ජනතාවට ඉඩ කඩම් ලබා සිද්ධ වෙන්නේ මන්ධගාමීවයි . ඒ වගේම පූර්ණ හානි අර්ධ හානි මේ සියල්ලටම ලබා දිය යුතු ඒ සහන කඩිනමින් දෙන්න ඕනෙ . පූර්ණ හානි ලක්ෂ 50 ක් දෙනවා කිව්වා අර්ධ හානි වලට මුදල් දෙනව මේ ඒත් ආණ්ඩුව සහන දෙන්න අපොහොසත් වෙලා තියනවා . මරණ වලට දෙනවා කිව්ව වන්දියවත් දෙන්න ආණ්ඩුවට  බැරි වෙලා . ඒ වගේම ග්‍රාම නිලධාරීන් කියනවා මේ ආපදා චක්‍ර ලේඛ වල ගැටළු තියනවා . ඔවුන්ට සම්බන්ධ වෙන්න බැහැ කියලා   ''

,තව දුරටත් විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී තහඩුවක් ගියත් ලබා දෙන වග පැවසූ ලක්ෂ 10 මුදල ලබා දීම ගැන ප්‍රශ්න කර තිබේ.

 ''එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා කිව්වේ රජයේ ආපදා කළමනාකරණය ගැන නොවේ.මෙවැනි ආපදාවකදී මිනිසුන්ගේ එකමුතුවක් එයාගේ රටේවත් නුදුටු බවයි.එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා කිව්වේ මේ රටේ ජනතාවගේ එකමුතුව ගැනයි.ඇමති තුමාට පරිවර්තනයේදී කුමක් හෝ ගැටලුවක් වුණාද කියා අප දන්නේ නැහැ. ඒකට එතුමට මුකුත් කියන්න බෑ.ඒකට වගකියන්න ඕන අප රටේ යල් පැන ගිය අධ්‍යාපන ක්‍රමය ,,

යනුවෙන්ද විපක්ෂ නායකවරයා වැඩි දුරටත් අදහස් දක්වා ඇත.