මුතුගල සර්ගේ හෙලිකොප්ටර් ගමන ගැන තිස්ස සර් කට අ‍රියි

Report

 සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක් වුණ මාතෘකාවක් තමයි ජීව විද්‍යා ප්‍රසිද්ධ දේශකයෙක් වන මුතුගල සර්ගේ හෙලිකොප්ටර් ගමන.

ඒ අනුව ආපදාවට ලක් වුණ අයට මෙලෙස සහනාධාර ලබා දීමට මුතුගල සර්ගේ හෙලිකොප්ටර් ගමන කළ මේ ගුරුවරයා සිදු කළ ක්‍රියාව ක්ෂෙත්‍රයේ තවත් ගුරුවරයෙකු වන තිස්ස ජනනායක ගුරුවරයා අදහස් දක්වා තිබේ.

පන්ති කාමරවල දරුවන් ඒවගේම ඉන් පිටතදී බොහෝ දෙනෙක් මේ පිළිබඳව ජ්‍යෙෂ්ඨ ගුරුවරයෙකු ලෙස තම අදහස මොකද්ද කියලා විමසන්නට වුන බව තිස්ස සර් සදහන් කළා.

ඒ පිළිබදව තිස්ස ජනනායක සර් කිව්වේ මේ වගේ අදහසක්.

මේ සමාජයේ සමහර පුද්ගලයන් මතු කරන ලද තර්ක විතර්ක දෙස බලද්දී පෙනෙන පෙනෙන්නේ මෙය හුදෙක් සමාජ ආකල්ප පිළිබඳ ප්‍රශ්නයක් වන බවයි.

රන්වලගේ සිද්ධියේ තවත් හොරයක් මාට්ටු - පරීක්ෂණ කරපු පොලිස් ලොක්කටත් වැඩ වරදී

රන්වලගේ සිද්ධියේ තවත් හොරයක් මාට්ටු - පරීක්ෂණ කරපු පොලිස් ලොක්කටත් වැඩ වරදී

විශේෂයෙන්ම විපතට පත් මිනිසුන්ට පැනඩෝල් පෙත්තක්වත් ලබා නොදී දත්ත කාඩ්පත් දමාගෙන අන්තර්ජාලය තුළ කාලය ගත කරන පිරිස් විසින් එල්ල කරන චෝදනා පදනමක් නොමැති බවත් මේ සිදුවීම කෙරෙහි අවධානය යොමු කිරීමේදී මෙම සිදුවීම පිටුපස ඇති සැබෑ තත්ත්වය විමසා බැලිය යුතු බවත් තිස්ස ජනනායක සර් කියා සිටියි.

තවද එතුමා සදහන් කළේ මෙහිදී මූලිකවම වටහා ගත යුතු කාරණය වන්නේ මෙය රජයේ මුදල් අවභාවිතා කිරීමක් නොවන බවත් ඒ අනුව රාජ්‍ය දේපළ හෝ මහජන මුදල් භාවිතා කරමින් හෙලිකොප්ටර්වලින් ගමන් බිමන් යන දේශපාලඥයන් සිටින රටක, තමන්ගේම පෞද්ගලික ධනය වියදම් කර ගුරුවරයෙකු ලබා ගන්නා සේවාවක් විවේචනය කිරීම සාධාරණ නොවන බවයි .

උදාහරණයක් ලෙස යම් අයෙකුට රුපියල් පහක වටිනාකමින් යුත් ඉස්කුරුප්පු ඇණ දෙකක් මිලදී ගැනීමට අවශ්‍ය වූ විට, ඔහු තම V8 වර්ගයේ සුඛෝපභෝගී රථයෙන් ඒ සඳහා යාමට තීරණය කළහොත් එය ඔහුගේ අයිතියක් වන බව එතුමා පෙන්වා දෙන ලදි.

තවද තිස්ස ජනනායක ගුරුවරයා කියා සිටියේ ඉන්ධන සඳහා රුපියල් දහසක් වැය වුවද, ත්‍රිරෝද රථයකින් ගොස් රුපියල් තුන්සියයක් වැය කරනවාද යන්න තීරණය කළ යුත්තේ අදාළ පුද්ගලයා මිස සමාජය නොවන බවයි.

ඒ වගේම තම පහසුව සහ කැමැත්ත වෙනුවෙන් තමන් උපයා ගත් මුදල් වැය කිරීමේ නිදහස ඕනෑම පුරවැසියෙකුට තියෙන්නට උවමනා බවත් එතුමා ප්‍රකාශ කරයි.

මා 1989 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටින විට මුතුගල ගුරුතුමා මෙලොවට බිහිවූවා පමණක් වන වගත් ජීව විද්‍යා විෂය ධාරාව තුළ තමා ඇති කළ යම් ප්‍රවණතාවයක් සහ මඟ පෙන්වීමක් ඔස්සේ ඉදිරියට පැමිණි ඔහු වැනි නවක ගුරුවරයෙකුට මෙවැනි දියුණුවක් ලැබීම ගැන තමා අසීමිත සතුටක් ලබන වග එතුමා සදහන් කර තිබේ .

බොහෝ දෙනෙක් කියන විදිහට මෙය දේශපාලනයට සම්බන්ධ වීමේ උපාය මාර්ගයක් වුවද එය වරදක් නොවන බවත් එතුමා සදහන් කර ඇත.

ප්‍රසංග වේදිකාවේ නැතුවම බැරි දිනේෂ් විවාහ සංවත්සරය සැමරුවේ මෙහෙමයි

ප්‍රසංග වේදිකාවේ නැතුවම බැරි දිනේෂ් විවාහ සංවත්සරය සැමරුවේ මෙහෙමයි

 ලංකාව තුළ හොර හරක් ජාවාරම්කරුවන්, කුඩු මුදලාලිලා විවිධ නීති විරෝධී ව්‍යාපාර සිදුකළ පුද්ගලයන් පවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් ලෙස කටයුතු කරන බව මතක් කළ මෙම ගුරුවරයා තමාගේ දහඩිය මහන්සියේ දරුවන්ට උගන්වා සාධාරණව මුදල් උපයන ගුරුවරයෙකු දේශපාලනයට පැමිණීම වැළැක්වීමට හෝ විවේචනය කිරීමට කිසිදු පදනමක් නොමැති බව ප්‍රකාශ කරයි.

එය සමාජයේ කුහකකම ප්‍රදර්ශනය කිරීමක් වන බවත් ,තවද මෙය අලෙවිකරණ උපක්‍රමයක් (Marketing) බවට එල්ල වන චෝදනා කිසිදු පදනමක් නොමැති බව එතුමා සදහන් කරයි.

සබන් කැටය පවා ජනතාව අතරට ගෙන යාමට අලෙවිකරණය අත්‍යවශ්‍ය වන බවත් ඒ අනුව පිළිකාකාරක වැනි අහිතකර දේ අලෙවි නොකරන තෙක් තමන්ගේ වෘත්තීය දියුණුව වෙනුවෙන් ප්‍රසිද්ධිය ලබා ගැනීම වරදක් නොවන බව තිස්ස ජනනායක ගුරුවරයා ප්‍රකාශ කරයි .

එසේම පන්ති කාමර තුළ ධර්මය දේශනා කරනවා යැයි බොහෝ චෝදනා තමාටත් එල්ල වී ඇති බවත් නමුත්    තමා දැනටමත් බොහෝ ප්‍රසිද්ධ නාලිකාවල ධර්ම සාකච්ජා වලට සම්බන්ධ වන බවත් මතක් කර තිබේ.

මේ විදිහට තම හිතවත් අපුරූ දක්ෂ තරුණ ගුරුවරයා ගැන තිස්ස සර් බොහෝ ආඩම්බරයෙන් කතා කර ඇත්තේ මුතුගල සර්ගේ දියුණුව ගැන හදවතින්ම සතුටුවන දායාබර ගුරුවරයෙකු ලෙසයි.

ඉතිං සමාජ මාධ්‍යයෙහි එල්ලවල චෝදනා කිසිදු පදනමක් නොමැති බව තිස්ස ජනනායක ගුරුවරයා යළි යළිත් පසක් කර තිබේ.