අදත් මි.මී.100 ඉක්මවූ තද වැසි....මේ ප්‍රදේශවල ජනතාව කල්පනාවෙන්....
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අදත් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි.
එම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර සහ වයඹ පළාත්වලත් මන්නාරම, යාපනය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි.
තවද, මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් වවුනියාව, මුලතිව් සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ඇතිවිය හැක.
දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු-මැද පළාත් සහ හම්බන්තොට, වව්නියාව මුලතිව් සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි.
කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙනු ලැබීය.
එමෙන්ම මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
