ඉදිරි පැය 24 ගැන කාලගුණෙන් රතු එළියක් - දිස්ත්‍රික්ක 5කට මි.මී. 100 පැන්නුම් තද වැසි සහ සැර සුළං

Report

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත .

ඒ අනුව, සබරගමුව පළාතට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම නිවේදනය අද (03) පෙ.ව. 11.30ට නිකුත් කර ඇති අතර එය හෙට (04) පෙ.ව. 11.30 දක්වා වලංගු වේ.

මෙම කාලසීමාව තුළදී සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බැවින් සූදානමින් සිටින ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එසේම, ඊයේ (02) පෙ.ව. 8.30 සිට අද (03) පෙ.ව. 8.30 දක්වා වූ පැය 24ක කාලය තුළ දිවයිනේ ඉහළම වර්ෂාපතනයන් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.

එහිදී වැඩිම වර්ෂාපතනයක් කැනියන් ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය මිලිමීටර් 191.0කි.

නායක හිමියන්ගේ ආදාහනය අද තියෙද්දීම කොටගල පන්සලට මහ විපතක් - පස්කන්ද කඩා වැටී හිමිනමකට තුවාල

නායක හිමියන්ගේ ආදාහනය අද තියෙද්දීම කොටගල පන්සලට මහ විපතක් - පස්කන්ද කඩා වැටී හිමිනමකට තුවාල

එමෙන්ම ලක්ෂපාන ප්‍රදේශයට මිලිමීටර් 187.0ක්, නෝටන් ප්‍රදේශයට මිලිමීටර් 186.0ක්, කාසල්රී ප්‍රදේශයට මිලිමීටර් 159.0ක්, කොත්මලේ ප්‍රදේශයට මිලිමීටර් 133.2ක් සහ දික්ඔය ප්‍රදේශයට මිලිමීටර් 127.0ක වර්ෂාපතනයක් වාර්තා වී තිබේ.

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

ඒ අනුව, සබරගමුව පළාතට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම නිවේදනය අද (03) පෙ.ව. 11.30ට නිකුත් කර ඇති අතර එය හෙට (04) පෙ.ව. 11.30 දක්වා වලංගු වේ. එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබන්නේ මෙම කාලසීමාව තුළදී සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බැවින් සූදානමින් සිටින ලෙසයි .

එසේම, ඊයේ (02) පෙ.ව. 8.30 සිට අද (03) පෙ.ව. 8.30 දක්වා වූ පැය 24ක කාලය තුළ දිවයිනේ ඉහළම වර්ෂාපතනයන් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.

ඉදිරි පැය 48 ඇතුළත කැලණි ගඟේ ජල මට්ටම ගැන විශේෂ නිවේදනයක් – 05 වෙනිදා වෙනකම් පරිස්සම් වන්න

ඉදිරි පැය 48 ඇතුළත කැලණි ගඟේ ජල මට්ටම ගැන විශේෂ නිවේදනයක් – 05 වෙනිදා වෙනකම් පරිස්සම් වන්න

එහිදී වැඩිම වර්ෂාපතනයක් කැනියන් ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය මිලිමීටර් 191.0කි. එමෙන්ම ලක්ෂපාන ප්‍රදේශයට මිලිමීටර් 187.0ක්, නෝටන් ප්‍රදේශයට මිලිමීටර් 186.0ක්, කාසල්රී ප්‍රදේශයට මිලිමීටර් 159.0ක්, කොත්මලේ ප්‍රදේශයට මිලිමීටර් 133.2ක් සහ දික්ඔය ප්‍රදේශයට මිලිමීටර් 127.0ක වර්ෂාපතනයක් වාර්තා වී තිබේ.    

Gallery