රජයෙන් විශේෂ දැනුම්දීමක් - මේ ආකරයේ පැමිණිලි ඉදිරිපත් කරන්න නව අංකයක්

Report

මහජන පැමිණිලි සඳහා '118' මහජන ආරක්ෂක සේවා මැදිරිය විවෘත කෙරේ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් මහජන පැමිණිලි ලබාදීම සඳහා වන '118 මහජන ආරක්ෂක සේවා මැදිරිය' විවෘත කිරීම මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්වුණි.

ලංකාවේ ඉදිරි පැය 36 මේකයි වෙන්න යන්නේ - මේ පැති වල ජනතාව දැනුවත් වෙන්න

ලංකාවේ ඉදිරි පැය 36 මේකයි වෙන්න යන්නේ - මේ පැති වල ජනතාව දැනුවත් වෙන්න

මෙහිදී 118 ගාස්තු විරහිත දුරකථන අංකය මෙන්ම 118.pubsec.gov.lk වෙබ් අඩවිය හරහා මාර්ගගතව (Online) පැමිණිලි ඉදිරිපත් කිරීමේ පහසුකම ද සලසා දී ඇත.

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ විෂය පථයට අයත් වන ආගමන විගමන දෙපාර්තමේන්තුව, අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය, පුනරුත්තාපන කොමසාරිස් ජනරාල් කාර්යාලය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතනවලට අදාළ තොරතුරු සහ මහජන පැමිණිලි මෙම 118 අංකය ඔස්සේ ඉදිරිපත් කිරීමට මහජනතාවට හැකියාව පවතී.

පවතින තත්ත්වය ඉතා අවදානම් - වහාම ක්‍රියාත්මක පරිදි මේ පාසල් සියල්ල වසා දමයි

පවතින තත්ත්වය ඉතා අවදානම් - වහාම ක්‍රියාත්මක පරිදි මේ පාසල් සියල්ල වසා දමයි