දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් යෝෂිතට සහ කරන්නාගොඩට එරෙහිව අධිචෝදනා
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා 08ක් ගොනු කර තිබේ.
2006 සැප්තැම්බර් 01 සහ 2007 ජූනි 08 අතර කාල සීමාව තුළ නාවික හමුදාපති ලෙස කටයුතු කරමින්, යෝෂිත රාජපක්ෂට අයුතු ලෙස බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ 'Royal Navy Young Officers' පාඨමාලාව සඳහා සහභාගී වීමට අවස්ථාව සලසා දෙමින් රජයට පාඩුවක් සිදු කළ බවට වසන්ත කරන්නාගොඩට චෝදනා එල්ල වී ඇත.
එම ක්‍රියාව හරහා අයුතු ලාභයක් ලබා ගැනීම සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂට එරෙහිව චෝදනා ඉදිරිපත් කර ඇති අතර, මෙම අධිචෝදනා පත්‍ර භාරදීම සඳහා විත්තිකරුවන්ට ඉදිරියේදී සිතාසි නිකුත් කිරීමට නියමිතය.