රටේ තත්ත්වය නරක අතට - පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ට විශේෂ නිවේදනයක්

Report

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා විසින් විශේෂ දැනුම්දීමක් කරමින් පවසා ඇත්තේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් සිසු සිසුවියන්ට ගංවතුර පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසයි.

වැඩිදුරටත් පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් මතුව ඇති බැවින්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සරසවි මැදුර නේවාසිකාගාරයේ පහළ මහලේ රැඳී සිටි සිසුන් වහාම ඉවත් කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

මහවැලි ගංද්‍රෝණියේ පිහිටා ඇති සරසවි නේවාසිකාගාරවල වෙසෙන සිසු සිසුවියන් පවතින අවදානම් තත්ත්වය හමුවේ සිදුවිය හැකි ආපදා වළක්වා ගැනීම සඳහා අතිශය විමසිලිමත් විය යුතු බව ඔහු පවසයි.

දිස්ත්‍රික්ක හතරකට අනතුරු ඇඟවීම් - මේ ප්‍රදේශවල ජනතාව දැන්ම ප්‍රවේශම් වෙන්න

දිස්ත්‍රික්ක හතරකට අනතුරු ඇඟවීම් - මේ ප්‍රදේශවල ජනතාව දැන්ම ප්‍රවේශම් වෙන්න

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට ඊයේ (02) රාත්‍රියේ සිට ප්‍රදේශයට නොකඩවා ඇද හැලෙන තද වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම මෙලෙස ඉහළ ගොස් ඇති අතර ජල මට්ටම ඉහළ යාමත් සමඟ පේරාදෙණිය "කළු පාලම" අසල පිහිටි පාලම් ප්‍රතිසංස්කරණ වැඩබිම ද ජලයෙන් යටවී එහි තිබූ යන්ත්‍ර සූත්‍ර රැසක් ජලයෙන් යටවී ඇති අතර, සැඩ ජල පහරට හසුවූ ඇතැම් උපකරණ සහ ද්‍රව්‍ය ගඟ පහළට ගසාගෙන ගොස් ඇත.

මේ අතර ඉදිරි පැය 24 තුළ මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශ කිහිපයක ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.

හදීසි ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ - හෙට මධ්‍යම රාත්‍රිය තෙක් ඉදිරි පැය 24 අවදානම්

හදීසි ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ - හෙට මධ්‍යම රාත්‍රිය තෙක් ඉදිරි පැය 24 අවදානම්

මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (03) 12.30 නිකුත් කර ඇති අතර එය හෙට (04) මධ්‍යම රාත්‍රී 12.30 දක්වා වලංගු වේ. ‍

ඒ අනුව මහවැලි ගඟ ද්‍රෝණියේ උඩුනුවර, උඩපළාත, යටිනුවර, ගඟඉහළ කෝරළය, පස්බාගේ කෝරළය සහ ගඟවට කෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පහත් බිම් ප්‍රදේශ සඳහා මෙම නිවේදනය අදාළ වේ.

එබැවින් එම ප්‍රදේශවල මහවැලි ගඟට ආසන්නව සහ පහත් බිම්වල පදිංචි මහජනතාවට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂා වීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී. ඉදිරි කාලය තුළදී තවදුරටත් වැසි ඇතිවිය හැකි බැවින් මහජනතාව දැඩි අවධානයකින් යුතුව කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කර ඇත.