දික්ඔය ඔය පිටාර ගැලීමෙන් හැටන් ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි - වසර ගණනකට පසු යළිත් ගංවතුර තත්ත්වයක්
By Malith Madushan
කාසල්රී ජලාශය වෙත හැටන් ප්‍රදේශයේ සිට ජලය රැගෙන යන දික්ඔය ඇළ පිටාර ගැලීම හේතුවෙන් එම ඇළ දෙපස පිහිටි නිවාස රැසක් අද (03) ජලයෙන් යට වී තිබේ.
ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ, 2013 වසරේදී ද දික්ඔය පිටාර ගැලීමෙන් මෙවැනිම තත්ත්වයක් ඇති වූ බවත්, වසර ගණනාවකට පසුව යළිත් ඇළ පිටාර ගැලීම හේතුවෙන් තම නිවාස ජලයෙන් යටවී ඇති බවත්ය.
මේ අතර, මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් නාවලපිටිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ද ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.