හෙට සිට සිකුරාදා දක්වා මේකයි වෙන්නේ හැමෝම පරිස්සම් වෙන්න
හෙට (9) සිට සිකුරාදා (12) දක්වා වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
උතුර, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වල සහ නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවල මිලිමීටර් 75-100 අතර තද වැසි අපේක්ෂා කෙරෙන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම අද සවස බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කර ඇත.