ඉදිරි කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය මෙම සතිය පුරාම බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කාලගුණ විද්‍යාඥ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේ, මැයි මාසයේ තුන්වන සතියේ සිට නිරිත දිග මෝසම් තත්ත්වය ආරම්භ වීමත් සමඟ වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවයි.
මේ දිනවල දිවා කාලයේ තවදුරටත් උණුසුම් කාලගුණයක් පවතින නමුත්, සවස් කාලයේදී තරමක සිසිල් ස්වභාවයක් අපේක්ෂා කළ හැකි බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.