අද උදෑසන 05.30 ට නිකුත් කළ විශේෂ නිවේදනයක් - දිවයිනේ මේ ප්‍රදේශවලට මි.මී. 100 පමණ තද වැසි
අද(08) දින සඳහා කාලගුණ අනාවැකිය උදෑසන 05.30 ට නිකුත්කර ඇත. එහි දැක්වෙන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බවයි.
එසේම බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100 පමණ තද වැසි ඇති විය හැක.
උතුරු සහ නැගෙනහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවලට උදැසන කාලයේදීත් වැසි ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.