හැටන් මාර්ගයේ දර ප්‍රවාහනයකළ ලොරි රථයක් ප්‍රපාතයකට පෙරළී බිහිසුණු අනතුරක්

Report

වැල්ලවායේ සිට හැටන් ඇබෝස්ලි වතුයාය දක්වා දර ප්‍රවාහනය කළ ලොරි රථයක් හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ග්ලාස්‌ගෝ වතුයාය ප්‍රදේශයේදී අද (25) පස්වරුවේ අඩි 100ක ප්‍රපාතයකට පෙරළීමෙන් බරපතළ අනතුරක් සිදුව තිබේ.

රථයේ තිරිංග පද්ධතියේ ඇති වූ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් රියදුරුට පාලනය කරගත නොහැකි වූ ලොරි රථය ප්‍රපාතයේ පිහිටි තේ වත්තකට පෙරළී ඇති අතර, අනතුරින් ලොරි රථය සම්පූර්ණයෙන්ම දෙකට කැඩී ගොස් ඇති බව වාර්තා වේ.

2029 දී ජනාධිපති වෙන්නෙත් අනුර ඒ හැර වෙන සුදුස්සෙක් නෑ - පක්ෂෙන් අතෑරියත් සමන්ත අනුර වෙනුවෙන් හිට ගනී

2029 දී ජනාධිපති වෙන්නෙත් අනුර ඒ හැර වෙන සුදුස්සෙක් නෑ - පක්ෂෙන් අතෑරියත් සමන්ත අනුර වෙනුවෙන් හිට ගනී

මෙහිදී බරපතළ තුවාල ලැබූ රියදුරා සහ සහායකයා ලිඳුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇති අතර ලිඳුල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

විදුලි බිල යළිත් වැඩි වෙයි - 10.3%ක අලුත්ම සංශෝධනය මෙන්න

විදුලි බිල යළිත් වැඩි වෙයි - 10.3%ක අලුත්ම සංශෝධනය මෙන්න