හැකරුන්ගේ වංචනික සිද්ධිය ලබන සතියේ මැතිසබයට
ඕස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ඩොලර් ලක්ෂ 25ක මුදලක් පරිගණක හැකර්වරුන් විසින් වංචනික ලෙස ලබාගැනීමේ සිද්ධිය මුල් කරගනිමින්, ලබන සතියේ පාර්ලිමේන්තුවේදී රජයට එරෙහිව දැඩි විරෝධයක් එල්ල කිරීමට සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු විපක්ෂය තීරණය කර තිබේ.
මෙය භාණ්ඩාගාරය "මහදවල් කොල්ලකෑමක්" බව පවසන මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මීට සෘජුව වගකිව යුතු බවත්, ඔවුන් තනතුරුවලින් ඉල්ලා අස්විය යුතු බවත් අවධාරණය කරයි.
ලබන මස 5 වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, විපක්ෂයේ මෙම චෝදනාවලට පිළිතුරු වශයෙන් රජයේ පාර්ශ්වයෙන් ද විශේෂ කරුණු දැක්වීමක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.