සර්වජන බලය මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක

Report

මහා භාණ්ඩාගාරය විසින් විදේශ ණය වාරිකයක් ලෙස ගෙවා තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශ්වයකට ගමන් කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් ‘සර්වජන බලය’ සංවිධානය අද (27) විරෝධතාවයක් පැවැත්වීය.

මෙම විරෝධතාව මුදල් අමාත්‍යාංශ පරිශ්‍රය ඉදිරිපිට පෙරවරුවේදී පැවැත්විණි. මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද එම සිද්ධියට විරෝධය පළ කරමින් අද පෙරවරුවේ ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපිට විරෝධතාවක නිරත විය.

ගෑස් සිලින්ඩරය ඉක්මනින් ඉවර වෙනවාද? ගෑස් ඉතිරි කරගන්න කවුරුත් නොදන්නා රහස් 5ක් මෙන්න!

ගෑස් සිලින්ඩරය ඉක්මනින් ඉවර වෙනවාද? ගෑස් ඉතිරි කරගන්න කවුරුත් නොදන්නා රහස් 5ක් මෙන්න!

ඊට සමගාමීව ‘අරගලයේ පුරවැසියෝ’ සංවිධානයද මහ බැංකුව ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කර තිබුණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් විරෝධතා කිහිපයක්ම පැවැත්වූ අතර, ඒ හරහා රජයේ මූල්‍ය කළමනාකරණය පිළිබඳ දැඩි විරෝධය ප්‍රකාශ විය.

ගංගාරාමයෙන් ලෝකයට සාම පණිවිඩයක්

ගංගාරාමයෙන් ලෝකයට සාම පණිවිඩයක්