මේ දිස්ත්‍රික්ක වලට හදිසි උණුසුම් කාලගුණ අනතුරු ඇඟවීමක්

Report

මුලතිව්, වවුනියාව, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය සහ මොනරාගල දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

කාලගුණ බලධාරීන් සඳහන් කර ඇත්තේ මෙම දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය වන උණුසුම් දර්ශකය “අවධානය යොමු කළ යුතු” මට්ටමකට ඉහළ යා හැකි බවයි.

එබැවින් අධික උණුසුම හේතුවෙන් ඇතිවිය හැකි අපහසුතා වළක්වා ගැනීම සඳහා ජනතාව වැඩි අවධානයක් යොමු කරන ලෙසත්, විශේෂයෙන්ම දිවා කාලයේදී දැඩි හිරු රශ්මියට නිරාවරණය වීමෙන් වැළකී අවශ්‍ය ආරක්ෂක පියවර ගන්නා ලෙසත් උපදෙස් ලබා දී ඇත.

Gallery