ලංකා බැංකුවේ ගිණුමක් තියෙන අයට සුබ ආරංචියක් - කිසිම බැංකුවක නැති මේ සේවාව දැන් ප්‍රථම වරට ලංකා බැංකුවෙන්

Report

ජාතියේ මහා පහන් ටැඹ ලංකා බැංකුව ඩිජිටල් බැංකුකරණයේ නව යුගයක් සනිටුහන් කරමින් ප්‍රථම වරට මොබයිල් බෑන්කින් වොලට් පදනම් වූ ස්පර්ශ රහිත ගෙවීම් සේවාවක් හදුන්වා දී ඇත.

ඒ අනුව අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මොබයිල් බෑන්කින් වොලට් පදනම් වූ ස්පර්ශ රහිත ගෙවීම් විසදුම වන ටැප් ඇන්ඩ් පේ සේවාව ලංකා බැංකුව මඟින් හදුන්වාදීම කොළඹදී සිදු විය.

එසේම මේ සඳහා ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා , ප්‍රධාන විධායක නිලධාරී වයි.ඒ ජයතිලක යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් ද එක්ව සිටියා.

මහජනතාවට කාරුණික නිවේදනයක් - අද සවස 6 සිට 13 වෙනිදා උදේ 4 දක්වා වලංගුයි

මහජනතාවට කාරුණික නිවේදනයක් - අද සවස 6 සිට 13 වෙනිදා උදේ 4 දක්වා වලංගුයි

එමෙන්ම ලංකා බැංකුව නව පරපුරට සරිලන සිය ඉන්ටර්නෙට් ඇන්ඩ් මොබයිල් බෑන්කින් සේවාව වන බීඕසී ෆ්ලෙක්ස් හදුන්වා දී ඇත.

ඔවුන් පවසන්නේ ටැප් ඇන්ඩ් පේ සේවාව එම ගමන්මගේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් බවයි.

ලංකා බැංකුවේ සභාපතිවරයා එය ඩිජිටල් තාක්ෂණයෙන් බලගන්වන ලද මූල්‍යමය අන්තර්ගත භාවයෙන් යුත් ආර්ථිකයක් ගොඩනැගීමට දායකවීමක් බව සඳහන් කළා.

මේ අතර ලංකා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී වයි.ඒ. ජයතිලක මහතා පැවසුවේ ජාත්‍යන්තර සම්මාන ලබමින් ලංකා බැංකුවේ ඩිජිටල් නායකත්වයට ගෝලීය පිළිගැනීමක් ද ලැබී ඇති බවයි. 

පැයට කිලෝමීටර 200ක වේගෙන් ආසියා - පැසිෆික් කලාපයට ප්‍රබල සුළි කුණාටුවක් - සූදානමින් සිටින්නැයි රටේ සියලුම දෙනාට උපදෙස්

පැයට කිලෝමීටර 200ක වේගෙන් ආසියා - පැසිෆික් කලාපයට ප්‍රබල සුළි කුණාටුවක් - සූදානමින් සිටින්නැයි රටේ සියලුම දෙනාට උපදෙස්

විශේෂ නිවේදනයක් - සති දෙකකට සියලුම පාසල් හා විශ්වවිද්‍යාල වසා දමන්න තත්ත්වය පාලනයෙන් තොරයි

විශේෂ නිවේදනයක් - සති දෙකකට සියලුම පාසල් හා විශ්වවිද්‍යාල වසා දමන්න තත්ත්වය පාලනයෙන් තොරයි