කන්තාවන් ලක්ෂ 92කට අහිමිවු මහාරාෂ්ට්‍රයේ සහනාධරය

Report

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජයේ ‘මාජි ලඩ්කි බහින් යෝජනා’ (Majhi Ladki Bahin Yojana) සහනාධාර වැඩසටහනේ ප්‍රතිලාභී ලැයිස්තුවෙන් කාන්තාවන් ලක්ෂ 92කට වැඩි පිරිසකගේ නම් ඉවත් කර තිබේ.

රජය මීට පෙර ප්‍රකාශ කළ පරිදි, e-KYC සත්‍යාපන ක්‍රියාවලිය සහ සුදුසුකම් පරීක්ෂාවෙන් පසුව මෙම සංශෝධන සිදු කර ඇත.

මුලින් ලියාපදිංචිව සිටි කාන්තාවන් කෝටි 2.4කට සාපේක්ෂව ඉවත් කළ සංඛ්‍යාව සියයට 38කට ආසන්න අඩුවීමක් බව වාර්තා වේ. ඉවත් කිරීම් සඳහා ප්‍රධාන හේතුවක් වී ඇත්තේ නියමිත කාලය තුළ e-KYC ක්‍රියාවලිය අවසන් නොකිරීමයි.

‘ධමාල් 4’ සිනමා ලෝකය කළඹමින් කෝටි ගණනක ආදායමක් උපයයි

‘ධමාල් 4’ සිනමා ලෝකය කළඹමින් කෝටි ගණනක ආදායමක් උපයයි

එම හේතුව මත කාන්තාවන් ලක්ෂ 50ත් 55ත් අතර පිරිසක් ලැයිස්තුවෙන් ඉවත් වී ඇත. තවත් කාන්තාවන් ලක්ෂ 12ක පමණ පවුල් වාර්ෂික ආදායම යෝජනා ක්‍රමයේ නියමිත සීමාව ඉක්මවා තිබීම හේතුවෙන් ඉවත් කර ඇති අතර, වයස අවුරුදු 65 ඉක්මවූ කාන්තාවන් ලක්ෂ 4.5කට වැඩි පිරිසක්ද සුදුසුකම් නොමැති බව හඳුනාගෙන තිබේ.

මෙම සහනාධාරය ලබා ගැනීමට උත්සාහ කළ පිරිමින් 14,000කට ආසන්න පිරිසක්ද හඳුනාගෙන ප්‍රතිලාභී ලැයිස්තුවෙන් ඉවත් කර ඇත. වැඩිම ඉවත් කිරීම් වාර්තා වී ඇත්තේ බීඩ් (Beed) දිස්ත්‍රික්කයෙන් වන අතර, එහිදී කාන්තාවන් ලක්ෂ 28කගේ නම් ඉවත් කර තිබේ.

මහාරාෂ්ට්‍ර රජය පවසන්නේ, අවසන් ප්‍රතිලාභී සංඛ්‍යාව තීරණය කරනු ලබන්නේ නැවත සත්‍යාපන ක්‍රියාවලියෙන් අනතුරුව බවයි. වැරදි ලෙස නම් ඉවත් කළ බවට ඉදිරිපත් වන පැමිණිලි සම්බන්ධයෙන්ද පරීක්ෂණ සිදු කරමින් පවතී.

මේ අතර, ඉන්දීය පාලක හා විගණකාධිපති (CAG) වාර්තාවකින් මෙම යෝජනා ක්‍රමයේ මූල්‍ය බලපෑම පිළිබඳ අවධානය යොමු කර ඇති අතර, වැය කළ රුපියල් කෝටි 3,541ක මුදල සම්බන්ධයෙන් ප්‍රශ්න මතු කර ඇත.

මහාරාෂ්ට්‍ර රජය මෙම කාන්තා සහනාධාර යෝජනා ක්‍රමය 2024 ජූනි 28 වැනිදා අනුමත කළ අතර, කාන්තා සුබසාධන වියදම 2023-24 වසරේ රුපියල් කෝටි 261.78 සිට 2024-25 වසරේදී රුපියල් කෝටි 33,554.36 දක්වා ඉහළ ගොස් තිබේ.

මෝදිගේ විශේෂ සීෂෙල්ස් ගමන - ලෝකයේ වයස්ගතම කැස්බෑවාත් බලන්න යයි

මෝදිගේ විශේෂ සීෂෙල්ස් ගමන - ලෝකයේ වයස්ගතම කැස්බෑවාත් බලන්න යයි