ගිනිඅවියක් සමඟ අත්අඩංගුවට ගත් සජබ ප්‍රා.ස මන්ත්‍රී යළිත් රිමාන්ඩ්

Report

ගිනිඅවියක් නීතිවිරෝධීව සන්තකයේ තබා ගැනීමේ චෝදනාවක් මත අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගය නියෝජනය කරන අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ජූලි 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ගාල්ල අපරාධ කොට්ඨාසයට ලැබුණු තොරතුරක් මත රිපීටර් වර්ගයේ ගිනිඅවියක් නීතිවිරෝධීව සන්තකයේ තබාගෙන සිටි බවට සැකපිට මන්ත්‍රීවරයා පසුගිය 11 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා අද (13) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදී.

එහිදී බලපිටිය මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි මහත්මිය විසින් සැකකරු ජූලි 24 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක් - විදුලියත් විසන්ධි වෙයි

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක් - විදුලියත් විසන්ධි වෙයි

හිමිකරුවන් රැගෙන නොගිය සියලුම අංක තහඩු ඉවත් කිරීමට පියවර ගන්නා බවට දැනුම්දීමක්

හිමිකරුවන් රැගෙන නොගිය සියලුම අංක තහඩු ඉවත් කිරීමට පියවර ගන්නා බවට දැනුම්දීමක්