දිවියෙන් සමුගත් මරියසෙල් ගුණතිලකගේ අවසන් කටයුතු පස්වරුවේ අවසන් වෙයි
By Ashfa
අද (13) පස්වරුවේ අභාවප්‍රාප්ත ගායන ශිල්පණී මරියසෙල් ගුණතිලක මහත්මියගේ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුවිය.
මිය යන විට ඇය 68 වියෙහි පසු වූ ඇය අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර පසුගිය 10වන දින අලුයම ජීවිතක්ෂයට පත්විය.
බටහිර ආරේ වේග රිද්ම ගායිකාවක වන ඇය කැන්ඩි ළමිස්සි, රහසයි සොඳුරු ජීවේ, සිහින නෙළුම් මල්, නෙළුම් මලේ පෙති කඩලා, කුමරාණනේ, යොවුන් සීන ලෝකේ, පහන් නොවන රැසක ඇතුළු ගීත ගණනාවක් ගායනා කර තිබේ.