පළාත් සභා ඡන්දය ගැන දෙමළ පක්ෂ හයකින් රජයට පණිවිඩයක්

Report

පළාත් සභා මැතිවරණය තවදුරටත් ප්‍රමාද නොකර කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන ලෙස දෙමළ භාෂිත දේශපාලන පක්ෂ හයක් රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

කොළඹදී අද (13) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම පක්ෂ නියෝජිතයන් සඳහන් කළේ, පළාත් සභා පද්ධතිය යළි ක්‍රියාත්මක කිරීම සඳහා මැතිවරණය පැවැත්වීම වැදගත් බවයි.

මෙම සාකච්ඡාව සඳහා සමස්ත ලංකා මහජන කොංග්‍රසය (ACMC), ලංකා කම්කරු කොංග්‍රසය (CWC), ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය (DTNA), ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK), ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (SLMC) සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය (TPA) යන පක්ෂවල නියෝජිතයන් එක්ව සිටියහ.

රට තුළ දැවැන්ත දේශපාලන විප්ලවයක්.. රටේ ප්‍රධාන පෙළේ පක්ෂ හයක් අද ගන්න යන තීරණය

රට තුළ දැවැන්ත දේශපාලන විප්ලවයක්.. රටේ ප්‍රධාන පෙළේ පක්ෂ හයක් අද ගන්න යන තීරණය

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා සඳහන් කළේ, බලයට පත්වී වසරක් ඇතුළත පළාත් සභා මැතිවරණය පැවැත්වීමට වත්මන් ආණ්ඩුව ප්‍රකාශ කර තිබුණද, ඒ සඳහා මේ වනවිට ප්‍රමාණවත් ප්‍රගතියක් දක්නට නොලැබෙන බවයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම, පළාත් සභා මැතිවරණය පැවැත්වීම, ඉඩම් ගැටලු විසඳීම සහ සුළුතර ජනතාව මුහුණ දෙන ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් පක්ෂ අතර එකඟතාවක් ඇති කරගෙන ඇති බවද ඔහු පැවසීය.

සංහිඳියාව, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ සියලු ජන කොටස්වල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා පොදු වේදිකාවක් ඔස්සේ සාකච්ඡා ඉදිරියට ගෙන යාමට පක්ෂ කැපවී සිටින බවද සුමන්තිරන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නිවේදනයක්

විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නිවේදනයක්