මේ අයට රජයෙන් අඩු පොළියට ණය - අලුත් බැංකු ක්‍රමයක් ආරම්භයි

Report

රජය විසින් ගොවිතැන් කටයුතු පවත්වාගෙන යාම සඳහා ඉහළ පොලියට ණය ගැනීමට සිදුවන ගොවීන්ට සහන සැලසීම සඳහා බැංකුවක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.පී. සරත් මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් පැවසුවේ එම බැංකුව හරහා අක්කරයකට රුපියල් ලක්ෂයක නිෂ්පාදන වියදමක් ලබාදීමට කටයුතු කරන බවය. එමෙන්ම චීනය සමග සාකච්ඡා කර සෑම ගොවි ව්‍යාපාරයකටම 'කෘෂි උපරකණ මධ්‍යස්ථානයක්' පිහිටුවීමට කටයුතු කරන බවත් පැවසීය.

මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා,

"තව කන්න දෙකක් තුනක් යන කොට යාය ගොවි සමිති හදලා ගොවියට වගා කරන්න අවශ්‍යකරන කරන මුදලක් ලබාදෙනවා. අපේ ගොවියා ගොඩක් පිටට ණය වෙනවා. ගිනි පොලී කාරයන්ට ණය වෙලා, ණය ගෙවා ගන්න බැරුව වී විකුණනවා. නිෂ්පාදන වියදම වැඩි වෙන්නේ ගිනි පොලියට ණයට ගන්න නිසා. ඒ නිසා බැංකුවක් ආරම්භ කරන්න අදහස් කරමින් ඉන්නවා. එමගින් සෑම ගොවියෙකුටම අක්කරයකට ලක්ෂයක නිෂ්පාදන වියදමක් ලබා දෙන්න කටයුතු කරනවා. තවද චීනය සමග සාකච්ඡා කර සෑම ගොවි ව්‍යාපාරයකම 'කෘෂි උපරකණ මධ්‍යස්ථානයක්' ඇතිකරන්න කටයුතු කරනවා. ලෝකයේ දියුණු මැෂින්, විශාල ට්‍රැක්ටර්, ගොයම් කපන මැෂින්, ඩ්‍රෝන, නියර රහින සහ බඳින මැෂින් ගේනවා. ඒ ආයතන හරහා ගොවීන්ට සහනදායි මිලට අවශ්‍යතාව ඉටුකර ගැනීමට කටයුතු සලසා දෙනවා. අපි බලය අරගෙන තවම වසර එකහමාරයි. අපි අවුරුදු පහකට බලය ගත්තේ ගොවියා නගන හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්න" යනුවෙන් පැවසීය.