හෙට අව් රශ්මිය ඉහළට යයි - දිස්ත්‍රික්ක 7කට කාලගුණ පූර්ව අනතුරු ඇඟවීමක්
දිවයිනේ ඇතැම් දිස්ත්‍රික්ක සඳහා ඉදිරි දිනයේදී උණුසුම් කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
මෙම නිවේදනය අද (16) පස්වරු 04.00 ට නිකුත් කර ඇති අතර, එය හෙට (17) දින සඳහා ද වලංගු වේ. එහි සඳහන් වන පරිදි වව්නියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොනරාගල යන දිස්ත්‍රික්ක සඳහා අවධානය යොමු කළයුතු බව දැනුම් දී තිබේ.
ඉහත සඳහන් කළ දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය (Heat Index) එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම "අවධානය යොමු කළ යුතු" මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මේ හේතුවෙන්, අදාළ ප්‍රදේශවල ජනතාව දැඩි අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසත්, සජීවී ජලය පානය කිරීම ඇතුළු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසත් බලධාරීන් ඉල්ලා සිටී.