රටේ තෙල් මිල වැඩිවීම ගැන මහ බැංකුව පැහැදිලි කරයි - ඉන්ධන ආනයන වියදම බලන් ඉද්දී වැඩිවෙයි
මේ වසරේ මුල් මාස හය තුළ (ජනවාරි-ජූනි) ඉන්ධන ආනයන වියදම සියයට 58.8 කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් මිලියන 3,168.4 ක් විය.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ වාර්තාවක මේ බව සඳහන් විය.
ඒ අනුව, 2025 මුල් මාස හය තුළ ඉන්ධන ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,995.7 ක් විය.
එම කාලයට සාපේක්ෂව ඉන්ධන ආනයන වියදම සියයට 58.8 කින් ඉහළ ගොස් ඇති බව මහ බැංකු වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.
මෙම කාලය තුළ බොරතෙල් ආනයන වියදම සියයට 7.5 කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් මිලියන 479.5 ක් වූ අතර, පිරිපහදු කළ ඛනිජ තෙල් ආනයන වියදම සියයට 78.7 කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් මිලියන 2538.6 ක් විය.
ගල් අඟුරු ආනයන වියදම ද සියයට 16.1 කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් මිලියන 150.4 ක් විය.