ලෝකයේම අවලස්සනම සුනඛයා කිරුළ ජිනී ලූට – හැමෝම පුදුම කළ අමුතුම තරගයක්
By Malith Madushan
අමෙරිකා එක්සත් ජනපදයේ පැවැති ‘World Ugliest Dog’ හෙවත් ‘ලොව අවලස්සනම සුනඛයා’ තරගයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට ජිනී ලූ (Jinny Lu) නමැති හය හැවිරිදි ‘පග්’ වර්ගයේ සුනඛයෙකු සමත්ව තිබේ.
අගෝස්තු 14 වැනිදා පැවැති මෙම අපූරු තරගයේදී තවත් සුනඛ තරගකරුවන් අටදෙනෙකු අභිබවා යමින් ජිනී ලූ පළමු ස්ථානය දිනාගෙන ඇත. ජයග්‍රහණය වෙනුවෙන් ජිනී ලූට ඇමෙරිකානු ඩොලර් 5,000ක මුදල් ත්‍යාගයක් සහ කුසලානයක් හිමිව තිබේ.
එමෙන්ම ජිනී ලූගේ රුව ජනප්‍රිය ‘Mug Root Beer’ පානයේ ටින් ඇසුරුම්වල මුද්‍රණය කිරීමටද නියමිත බව වාර්තා වේ. සුනඛයන්ගේ සාම්ප්‍රදායික සුන්දරත්වය වෙනුවට ඔවුන්ගේ සුවිශේෂී හා අසාමාන්‍ය පෙනුම ඉස්මතු කරමින් පැවැත්වෙන මෙම තරගය සෑම වසරකම විශාල අවධානයක් දිනාගන්නා තරගයක් බවට පත්ව තිබේ.