හෘද රෝගීන්ගේ ජීවිත අවදානමක. - ජාතික රෝහලෙන් ආ අලුත් ආරංචිය මෙන්න.
කොළඹ ජාතික රෝහලේ හෘද රෝගීන් සඳහා ලබාදෙන Stent (ස්ටෙන්ට්) හිඟ වීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
ඒ හේතුවෙන් හෘද රෝගීන්ගේ ජීවිත අනතුරට පත්ව ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසන්නේ.
මේ අනුව බොහෝ රෝගීන්ට පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට ද සිදුව ඇති අතර මේ සම්බන්ධයෙන් අප ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා ද කියා සිටියේ, ස්ටෙන්ට් යම් හිඟයක් පවතින බවයි.
කෙසේ නමුත් ස්ටෙන්ට්වල මේ වනවිට යම් හිඟයක් පවතින අතර ඒවා ගෙන්වීමට ඇණවුම් කර ඇති සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා සඳහන් කළා.