අද රට පුරා පැය 24ක් කරන්න යන දේ මෙන්න..සියලු දෙනාම මේ ගැන දැනුවත් වන්න..

Sri Lanka Politician Ministry of Health Sri Lanka National Health Service
By Aruna Jan 16, 2024 01:38 AM GMT
Aruna

Aruna

Report

වෛද්‍යවරුන්ට වැඩිකළ රුපියල් තිස් පන්දහසක(35000) දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලමින්, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයින් ඇතුලු වෘත්තිය සමිති 72 ක නියෝජිතයන් අද (16) එක්දින වැඩවර්ජනය නිරත වීමට නියමිත බව වාර්තා වනවා.

වෛද්‍යවරුන්ට රුපියල් 35,000 ක්ව පැවති රාජකාරි හා ප්‍රවාහන දීමනා රුපියල් 70,000 දක්වා රුපියල් 35,000 කින් ඉහළ දැමීමට පසුගියදා රජය පියවර ගත් අතර, ඊට විරෝධය පළ කරමින් පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයින් පසුගිය 09වැනිදා ද පැය 48ක සංකේත වැඩවර්ජනයක නිරතවිය.

කෙසේ වෙතත්, ඊට රජයෙන් සාධනීය ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් අද උදෑසන 6.30 සිට යළි පැය 24 ක වැඩවර්ජනයක් ආරම්භ කිරීමටයි ඔවුන් මෙලෙස තීරණය කර ඇත්තේ.

මේ අතර ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා අදාළ වර්ජනයට සහය පළ කිරීම ප්‍රශ්න සහගත බවට ඇතැම් වෘත්තිය සමිති චෝදනා එල්ල කර සිටිනවා.

එය යම් දේශපාලන කුමන්ත්‍රණයක්දැයි සැක මතුවන බවයි, සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති එස්.බී. මැදිවත්ත කියා සිටියේ.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ද මෙම වැඩවර්ජනය පිළිබඳ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ, ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා අද පෙරවරුවේ තම වෘත්තිය සමිති නියෝජිතයන් කැඳවා සාකච්ඡා කරන බවයි.

කෙසේ වෙතත් පසුගිය සතියේ වැඩවර්ජනය ක්‍රියාත්මක වූ අවස්ථාවේ යුද හමුදාව සේවයට යොදවා රෝහල් කටයුතු පවත්වාගෙන යෑම පිළිබඳ සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය ඊයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළා.

රජයේ එම ක්‍රියාමාර්ග පාර්ශ්වයන් අතර ගැටුමකට මුලපිරීමක් වනු ඇති බවයි,ඊට ප්‍රතිචාර දැක්වූ එම සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා කියා සිටියේ.

කෙසේ වෙතත් වෘත්තීය ක්‍රියාමාර්ගයට විසඳුම් ලබාදීම සඳහා සෞඛ්‍ය ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් අද උදෑසන 11.00 ට කැඳවා ඇතැයි සෞඛ්‍ය ලේකම්වරයා විසින් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයට ලිඛිතව දැනුම් දී තිබෙන පවද වාර්තා වේ.

Sponsored By Sarrita Jewellery

අද රට පුරා පැය 24ක් කරන්න යන දේ මෙන්න..සියලු දෙනාම මේ ගැන දැනුවත් වන්න.. | Health Workers On Strike


ReeCha