සෞඛ්‍ය ඇමතිගේ නොතකා හැරීම් නිසා පරිපූරක වෛද්‍ය සේවා අද වර්ජනයකට!

Nalinda Jayatissa Sinhala news
By Akash May 27, 2025 03:30 AM GMT
Akash

Akash

Report

රජයේ විශ්වවිද්‍යාලවලින් බිහිකළ සමසෞඛ්‍ය උපාධිධාරීන් බඳවා නොගෙන පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ඉඩ සැලසීම, සමසෞඛ්‍ය උසස් වීම් ගැටලුව ඇතුළු ඉල්ලීම් 5ක් මුල්කර ගනිමින් පරිපූරක වෛද්‍ය සේවාවට අයත් රසායනාගාර විද්‍යාඥ සේවාවේ සහ භෞතික චිකිත්සක සේවාවේ නිලධාරීන් අද (27) පෙරවරු 08 සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ සති කිහිපයක් තිස්සේ සාකච්ඡා සහ විරෝධතා දැක්වීම් හරහා ගැටලුව විසඳාගැනීමට ගත් උත්සාහන් අසාර්ථක වූ පසුයි. පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ,

"සති දෙකකට දුම්රිය වැඩ නැහැ.. නවත්තනවා.. බැරි අය අස්වෙන්න.." - දුම්රිය ඇමති

"සති දෙකකට දුම්රිය වැඩ නැහැ.. නවත්තනවා.. බැරි අය අස්වෙන්න.." - දුම්රිය ඇමති

සිය ගැටලුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර නොගතහොත් වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි. ඉදිරියේ දී මෙම වැඩවර්ජනය සඳහා පරිපූරක වෛද්‍ය සේවාවට අයත් තවත් වෘත්තීය සමිති සහය පළකිරීමට තීරණය කර ඇති බ ද චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළා.

පරිපූරක වෛද්‍ය සේවාවක් වන වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ලසන්ත චතුරංග මේ පිළිබඳ සමාජ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ කියා තිබුණා.

‘මේක ඉතාම ශෝචනීය තත්වයක්. සාමාන්‍ය යෙන් වත්තිය සමිතියක් තමන්ගේ සාමාජිකයොත් එක්ක වර්ජනයකට යොමු වෙන්නේ අතිවිශාල ප්‍රශ්නයක් නෙවෙයි. ගැටලුවක් තියෙනවාද කියන ගැටලුවත් අපට තියෙනවා. කිසිදු ගැටලුවක් නැති වාතාවරණයක් හමුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් තියෙන ඉතාම සුළු ගැටලුවක් නොතකා හැරීම, කිසි ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා තමයි මේ වර්ජනයට යොමු වෙන්න සිද්ධවෙලා තියෙන්නේ. සති කිහිපයක් සාකච්ඡා මාර්ගයෙන් විසඳාගන්න උත්සාහ කළත්, ලිපි හුවමාරුවෙන් විසඳාගන්න උත්සාහ කළත් කිසිදු දෙයක් සඳහා සාධනීය මැදිහත්වීමක් ලැබුණේ නෑ. ඒක ඉතා ශෝචනීය තත්වයක්. ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක් විදියට හිටපු පුද්ගලයෙක් සෞඛ්‍ය ඇමතිවරයා වෙද්දී මේක සිදුවීම ශෝකනීයයි. සෞඛ්‍ය අමාත්‍යාංශය හරිගස්සන්න බැරි වැරැද්දක් කරගන්නවා.

අමාත්‍යවරු මාරු වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සදාකල් පවතින්න ඕනෑ. නැවත හැරවිය නොහැකි වැරදි සිදුවීම සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාලයි. වෘත්තිය සමිති විදියට හැකි මට්ටමින් ඒ තත්වය නැති කරන්න කටයුතු කළ යුතුයි. සියලු මාතෘ, ළමා, පිළිකායතනය, වකුගඩු රෝගය ඇතුළු ආයතනවල වර්ජනය කරන්නේ නැහැ. රජයේ සියලු රෝහල්වල වර්ජනය කරනවා.

රෝහල්වල අත්‍යවශ්‍ය සහ ජීවිතාරක්ෂක සේවා ලබාදීම තවදුරටත් සිදු කරනවා. අපට අවශ්‍ය වර්ජනයක් කරලා සංගමයක් ලෙස බලවත් කියලා කියන්න නෙවෙයි. අපට ඕනෑ ගැටලුව විසඳාගන්න.

අතරමැදි ශ්‍රේණි සඳහා දරුවන් ඇතුළත් කිරීමට නව වැඩපිළිවෙලක්

අතරමැදි ශ්‍රේණි සඳහා දරුවන් ඇතුළත් කිරීමට නව වැඩපිළිවෙලක්

‘ මේ අතර වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරී සහ නිවාඩු දින දීමනා කප්පාදු කිරීම සම්බන්ධ නිවැරදි චක්‍රලේඛය සතියක් ඇතුළත නිකුත් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, එසේ නොවන්නේ නම් ඉදිරියේ දී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළැඹීමට සිදුවනු ඇති බවයි. 

ReeCha