සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට පිළිතුරු

WHO vaccination hemantha herath immunization tedrose gebriyes
By Sewvandhi Aug 02, 2021 10:32 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකාව කොවිඩ් ව්‍යාප්තියේ මුලසිටම අනතුර හඳුනාගෙන නිසි කළමණාකරණයක් යටතේ කටයුතු කරමින් සිටින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය මෙරට කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඔහු ඒ බව පැවසීය.

අද (02) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. එහිදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේ,

"කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ පිහිටි ශ්‍රී ලංකා කාර්යාලය කියලා තියෙනවා දැන් ශ්‍රී ලංකාව අනතුරේ ඉන්නේ කියලා.මේ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයේ මතය මොකක්ද?"

විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,

"මේ විපතත් එක්ක ශ්‍රී ලංකාව ඒ අනතුර එදා සිටම හඳුනගෙන තිබ්බා. ඒ නිසා අද ඊයේ නෙමෙයි අපි මේ අනතුර දැක්කේ. මේ මොහොතේ ජනතාව බියවද්දලා අපිට මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න බෑ. මේ රෝගය පැතිරෙන්න තියෙන ඉඩකඩ අවම කිරීම සඳහා සියලුදෙනාම සහයෝගය දෙන්න ඕනේ."

කෙසේවෙතත් මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට ලක්වී තිබේ. සැප්තැම්බර් මාසය වනවිට මෙරට සමස්ත ජනගහනයෙන් සියයට 10ක් එන්නත්කරණයට ලක් කිරීමේ ඉලක්කය වෙත ශ්‍රී ලංකාව සාර්ථකව ළඟාවෙමින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සඳහන් කර ඇත. ට්විටර් පණිවුඩයක් යොමු කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ගේබ්‍රියාසෙස් මේ බව සඳහන් කර තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now