GMOA'ට සෞඛ්‍ය ඇමතිගෙන් සුබ පණිවිඩයක්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ආරම්භ කර ඇති වර්ජනය සම්බන්ධයෙන් පවතින ගැටලු සාකච්ඡා කිරීම සඳහා එළැඹෙන බ්‍රහස්පතින්දා (09) අවස්ථාව ලබාදීමට සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ සමුළුවකට සහභාගී වීම සඳහා තමන් හෙට (06) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බවත්, එම සංචාරය නිමවා යළි දිවයිනට පැමිණීමෙන් පසු අදාළ සාකච්ඡාව ලබාදීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය විසින් හෙට උදෑසන දක්වා කාලසීමාවක් ලබා දී තිබූ පසුබිමක අමාත්‍යවරයාගේ මෙම නිවේදනයත් සමඟ වර්ජන ක්‍රියාමාර්ගයේ ඉදිරි ස්වභාවය තීරණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.