ඉරානයේ අන්තර්ජාලය විසනකරකරලා අදට දින 37යි
ඉරානය පුරා මේ වන විට ක්‍රියාත්මක වන අන්තර්ජාල විසන්ධිය (Internet blackout), ලොව මෙතෙක් වාර්තා වූ දීර්ඝතම ජාතික මට්ටමේ අන්තර්ජාල තහනම බවට පත්ව ඇති බව අන්තර්ජාල නිරීක්ෂණ කණ්ඩායමක් වන NetBlocks ආයතනය පවසයි.
මීට පෙර ලොව පුරා වාර්තා වූ මෙවැනි සියලුම සිදුවීම් අභිබවා යමින් මෙම තත්ත්වය වාර්තාගත වී ඇති බව එම ආයතනය පෙන්වා දෙයි.
NetBlocks ආයතනයට අනුව, ඉරානයේ මෙම අන්තර්ජාල බිඳවැටීම මේ වන විට අඛණ්ඩව 37 වන දිනටත් ක්‍රියාත්මක වන අතර, එය පැය 864ක් වැනි දීර්ඝ කාලයක් සම්පූර්ණ කර තිබේ.
මෙම දැඩි අන්තර්ජාල තහනම හේතුවෙන් ඉරාන වැසියන්ට බාහිර ලෝකය සමඟ සන්නිවේදනය කිරීමේ අවස්ථාව සම්පූර්ණයෙන්ම පාහේ ඇහිරී ඇති බවත්, එය එරට සාමාන්‍ය ජනජීවිතයට මෙන්ම සන්නිවේදන කටයුතුවලට ද දැඩි බාධාවක් වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.