අලුත් අවුරුද්ද නිවාඩුවට විශේෂ බස් සහ දුම්රිය සේවා ලබන බ්‍රහස්පතින්දා සිට

Report

අලුත් අවුරුදු ප්‍රවාහන සේවා ලබන 9 වන බ්‍රහස්පතින්දා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. සිංහල දෙමළ අලුත් අවුරුද්ද සඳහා ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව වෙනුවෙන් බස් රථ මෙන්ම දුම්රිය විශේෂ සේවා ක්‍රියාත්මක කෙරෙනවා.

ඒ අනුව අතිරේක බස්රථ 1500ක් යොදවා ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව කන්නන්ගර මහතා ප්‍රකාශ කළේ.

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලේ මේ වන විට තත්වය මෙන්න

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලේ මේ වන විට තත්වය මෙන්න

කොළඹ මධ්‍යම බස්නැවතුම්පොලේ සිට හැටන්, බදුල්ල, මහනුවර, බණ්ඩාරවෙල, අනුරාධපුර, ත්‍රිකුණාමලය, යාපනය, හලාවත හා පුත්තලම ආදී ගමනාන්ත රැසකට බස් රථ ධාවනයට සැලසුම් කර තිබෙනවා. එමෙන්ම අධිවේගී මාර්ගය ආශ්‍රිතව ද විශේෂ සේවා ක්‍රියාත්මක වන අතර ගාල්ල සහ මාතර ගමනාන්ත වෙත ප්‍රමුඛතාව ලබාදී තිබෙනවා.

මිට සමගාමීව දුම්රිය දෙපාර්තමේන්තුවද ලබන බ්‍රහස්පතින්දා සිට අලුත් අවුරුදු විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට මගි අවශ්‍යතා අනුව දුම්රිය ධාවනයට සැලසුම් කර ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය මහතා පවසන්නේ.

ඉරානයේ අන්තර්ජාලය විසනකරකරලා අදට දින 37යි

ඉරානයේ අන්තර්ජාලය විසනකරකරලා අදට දින 37යි