GMOA දරුණු තීරණයක් - සෞඛ්‍ය ඇමතිට හෙට උදේ 8 වෙනතුරු කල්දෙයි

Report

මේ වන විට ක්‍රියාත්මක වෛද්‍ය වර්ජනය අවසන් කිරීම සඳහා සාකච්ඡා කිරීමට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට හෙට (06) උදෑසන 8:00 වන තෙක් කාලය ලබා දෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කරන්නේ අදාළ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අමාත්‍යවරයා දක්වන මැලිකම හේතුවෙන් වර්ජන ක්‍රියාමාර්ගය තවදුරටත් දිග්ගැස්සෙන බවයි.

වෛද්‍යවරුන්ට තර්ජනය කරලා, රාජ්‍ය සේවයෙන් අයින් කරනවා කියලා - GMOAයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට චෝදනාවක්

වෛද්‍යවරුන්ට තර්ජනය කරලා, රාජ්‍ය සේවයෙන් අයින් කරනවා කියලා - GMOAයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට චෝදනාවක්

අමාත්‍යවරයා සාකච්ඡා සඳහා දක්වන එකඟත්වය මත පදනම්ව වෘත්තීය ක්‍රියාමාර්ගයේ ඉදිරි පියවර තීරණය කිරීමට තම සංගමය සූදානම් බව ද ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

වෛද්‍යවරුන්ගේ මෙම වැඩවර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල්වල රෝගී සත්කාරක සේවා අඩාල වී ඇති පසුබිමක, මෙම සාකච්ඡාව සඳහා ලබා දුන් කාලසීමාව තීරණාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අබුඩාබි ඇවිලෙයි - බලාගාර ගිනි ගනී - සියලු කටයුතු වහාම

අබුඩාබි ඇවිලෙයි - බලාගාර ගිනි ගනී - සියලු කටයුතු වහාම