“ලෝක සෞඛ්‍ය දිනය 2026” අග්නිදිග ආසියානු සැමරුමේ ප්‍රධාන ආරාධිතයා ඇමති නලින්ද

Report

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය කාර්යාලය  සංවිධානය කරනු ලබන ලෝක සෞඛ්‍ය දිනය 2026 සැමරුමට ප්‍රධාන ආරාධිතයා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහභාගී වීමට නියමිතයි.

ලෝක සෞඛ්‍ය දිනය මෙම මස 07 දිනට යෙදී ඇති අතර ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය කාර්යාලය මූලස්ථානයේ (07) දින සැමරුම් උළෙල පැවැත්වෙනවා.

“සෞඛ්‍ය සඳහා එක්වෙමු. විද්‍යාව සමඟ නැගී සිටිමු” යන තේමාව යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානය මෙවර ලෝක සෞඛ්‍ය දිනය – 2026 සැමරීමට යොදා තිබෙනවා.

ඉරානයේ අන්තර්ජාලය විසනකරකරලා අදට දින 37යි

ඉරානයේ අන්තර්ජාලය විසනකරකරලා අදට දින 37යි

මෙවර සැමරුමේ මූලික අරමුණ වන්නේ මානව සෞඛ්‍යය සුරැකීම සඳහා විද්‍යාත්මක සොයාගැනීම් සහ සහයෝගීතාවයේ ඇති වැදගත්කම අවධාරණය කිරීම වන අතර මෙහිදී මිනිසුන්ගේ පමණක් නොව සතුන්, ශාක සහ සමස්ත පද්ධතියේම සෞඛ්‍යය එකිනෙකට බැඳී පවතින බව පවසන “ඒකීය සෞඛ්‍ය”  ප්‍රවේශය කෙරෙහි ලෝකයේම අවධානය යොමු කර තිබෙනවා.

කලාපයේ බිලියන දෙකකට ආසන්න ජනතාවකගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සහ තාක්ෂණික සහය ලබා දීම මෙහි මෙහෙවර වනවා.

අලුත් අවුරුද්ද නිවාඩුවට විශේෂ බස් සහ දුම්රිය සේවා ලබන බ්‍රහස්පතින්දා සිට

අලුත් අවුරුද්ද නිවාඩුවට විශේෂ බස් සහ දුම්රිය සේවා ලබන බ්‍රහස්පතින්දා සිට