ජාතික විදුලි ප්‍රතිපත්තිය සඳහා මහජන අදහස් ලබා ගැනීම ආරම්භයි මෙන්න මේ විදිහට ඔයාටත් පුළුවන් අදහස් දෙන්න
ජාතික විදුලි ප්‍රතිපත්තිය සඳහා මහජන අදහස් ලබා ගැනීම මේ වන විට ආරම්භ කර තිබෙන බව බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධිත) පනතේ 4 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව, ජාතික විදුලිබල ප්‍රතිපත්තියේ (National Electricity Policy) කෙටුම්පත සකස් කර ඇත.
තවද එම කෙටුම්පත මේ වන විට https://energymin.gov.lk/ යන බලශක්ති අමාත්‍යංශ වෙබ් අඩවියේ සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂාත්‍රයෙන් පළ කර ඇත. මේ පිළිබදව උනන්දුවක් දක්වන පාර්ශවයන් වෙතින් අදහස් ලබා ගැනීමට අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කර තිබේ .
2026 ජනවාරි 09 වන දින හෝ එදිනට ප්‍රථම පහත සඳහන් ක්‍රමවේද ඔස්සේ මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශවයන් වෙතොත් අප වෙත ලබා දීමේ හැකියාව ඇත.
ඒ අනුව විද්‍යුත් තැපෑල : neac@energymin.gov.lk
ෆැක්ස් අංකය : 0112 574 752
ලිපි මගින් ලේකම්, බලශක්ති අමාත්‍යාංශය, අංක 437, ගාලු පාර, කොළඹ 03 යන ලිපිනයට ඔබට අදහස් එවිය හැක.
මේ පිළිබද වැඩි විස්තර සඳහා දුරකථන අංකය : 0112 574 922 (දිගු අංකය 509/ 510/ 403) ඇමතීමෙන් ලබා ගැනීමේ හැකියාව තිබේ.