දික්ඔය කැළඹූ ද්විත්ව ඝාතන සැකකරු බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පැන යයි
හැටන් දික්ඔය ද්විත්ව මිනිස් ඝාතනයේ ප්‍රධාන සැකකරු මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා ගොස් ඇති බව මහනුවර මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.
හැටන් දික්ඔය ප්‍රදේශයේ සිදුවූ ද්විත්ව මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් හැටන් පොලිසිය මඟින් එම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඔහු රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර වෙනුවෙන් ඊයේ (26) දින රාත්‍රියේ මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ බවයි.
ඒ අනුව අද(27) අලුයම සැකකරු බන්ධානාගර නිලධාරින්ගේ ග්‍රහනයෙන් මිදි පලාගොස් ඇති බව සඳහන්. මේ පිළිබඳව පොලීසියට දැනුම්දීමෙන් පසු ඔහු සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා.
පසුගිය බ්‍රහස්පතින්දා හැටන් දික්ඔය ප්‍රදේශයේදී අඹු සැමි යුවලක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් අඳාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණු අතර සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූයේ ණය මුදලක් ගෙවීම සඳහා ඔවුන් ඝාතනය කර ස්වර්ණාභරණ පැහැර ගෙන තිබෙන බවයි.
එමෙන්ම සැකකරු අද (27) දින අලුයම් කාලයේ වැසිකිළියාමට අවශ්‍ය බව පැවසීමෙන් පසු ඔහුගේ විලංගු ගලවා වැසිකිළිය වෙත රැගෙන යාමෙන් පසුව එහි ජනේලයකින් සැකකරු පැන ගොස් ඇති බවට බන්ධනාගාර නිලධාරින් විසින් මහනුවර රෝහල් පොලිසියට දැනුම් දී තිබෙනවා.