එක දවසකට රෝගීන් 99 ක් වාර්තා වෙයි - රටම බය කරමින් මාරාන්තික රෝගයක් ගැන සෞඛ්‍යයෙන් හෙළිදරව්වක්

Report

ගතවූ වසර 20ක කාලය තුළ මෙරට පිළිකා රෝගීන් සංඛ්‍යාව තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බවට සෞඛ්‍ය අංශ සඳහන් කරයි. ඉකුත් 2022 වසරේ දත්ත අනුව මෙරටින් පිළිකා රෝගීන් 35,855ක් හදුනාගෙන ඇත.

එම දත්ත අනුව නව පිළිකා රෝගීන් 99 දෙනෙකු දෛනිකව වාර්තා වන බව ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු මහත්මිය පෙන්වා දෙයි.

ඒ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (27) දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ,

තත්ත්වය දරුණු අතට මෙනින්ජයිටීස් රෝගියෝ 200ක් - දන්සල් දෙන අයටත් උපදෙස්

තත්ත්වය දරුණු අතට මෙනින්ජයිටීස් රෝගියෝ 200ක් - දන්සල් දෙන අයටත් උපදෙස්

"පසුගිය අවුරුදු 20ක පමණ දත්ත බැලුවොත් අපිට තුන් ගුණයක පමණ සංඛ්‍යාත්මකව වර්ධනය වීමක් පෙන්නුම් කරනවා. ඒ වගේම පිළිකා රෝගය පිළිබඳව ජනතාව අතර දැනුවත්භාවය වැඩිවීම නිසා කලින් හඳුනාගැනීම සහ වෙනත් හඳුනා ගැනීමේ පර්යේෂණ දියුණුවීම නිසා වාර්තාකරණය වැඩිවීම මෙලෙස සංඛ්‍යාත්මක වැඩිවීමට හේතු විදිහට අපි සලකනවා. 2022 ශ්‍රී ලංකා ජාතික පිළිකා ලේඛන දත්ත අනුව නව පිළිකා රෝගීන් 35,855ක් වාර්තා වෙලා තියෙනවා. මෙතනින් 16,398ක් පිරිමින් සහ 19,457ක් කාන්තා පිළිකා විදිහට තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දිනකට සාමාන්‍යයෙන් මේ දත්ත අනුව අලුත් පිළිකා රෝගීන් 99ක් පමණ වාර්තා වෙනවා" යනුවෙන්.

මරණ 177කින් රාජ්‍යයක්ම මරණය බියෙන් වෙව්ළයි - කොවිඩ්වලින් බේරෙන්න හදපු තාක්ෂණයම භාවිතයෙන් අලුත් එන්නතක්

මරණ 177කින් රාජ්‍යයක්ම මරණය බියෙන් වෙව්ළයි - කොවිඩ්වලින් බේරෙන්න හදපු තාක්ෂණයම භාවිතයෙන් අලුත් එන්නතක්

දකුණු ආසියාවම බලන් හිටපු ආරංචියක් - ඉබෝලා වෛරසය අසාදනය වූ බව සැක කල කාන්තාවගේ අලුත්ම තත්ත්වය මෙන්න

දකුණු ආසියාවම බලන් හිටපු ආරංචියක් - ඉබෝලා වෛරසය අසාදනය වූ බව සැක කල කාන්තාවගේ අලුත්ම තත්ත්වය මෙන්න