හදිසියේම වැලිකඩ OIC අත්අඩංගුවට - හේතුව මෙන්න

Report

චීන ජාතිකයින් පිරිසකට අයත් විදේශ ගමන් බලපත්‍ර නීති විරෝධීව ළඟ තබාගත් වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වේයන්ගොඩ ප්‍රදේශයේදී සැකකාර ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

රාජගිරි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් 19 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර ස්ථානාධිපතිවරයා විසින් ළඟ තබා ගෙන ඇති අතර ඒවා මුදා හැරීමට නම් එක් අයෙකුගෙන් ලක්ෂ 3ක මුදලක් ඉල්ලා ඇති බව සඳහන් වේ.

අද සිට ජූනි 2 දක්වා මෙවැනි ස්ථාන වසා දමයි - රජයෙන් නිකුත් කල නිචේදනය මෙන්න

අද සිට ජූනි 2 දක්වා මෙවැනි ස්ථාන වසා දමයි - රජයෙන් නිකුත් කල නිචේදනය මෙන්න

කාන්තාවක් මාර්ගයෙන් පොලිස් ස්ථානාධිපතිවරයා අදාළ මුදල ඉල්ලා ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.  

නැවතත් ඉන්ධන මිල සංශෝධනයක් - දිනය මෙන්න - සිපෙට්කෝ වෙතින් දැනුම්දීමක්

නැවතත් ඉන්ධන මිල සංශෝධනයක් - දිනය මෙන්න - සිපෙට්කෝ වෙතින් දැනුම්දීමක්