ඉදිරි වීදුරු නැතිව මගීන් සමග දුර ගමන් බසයක් කොළඹට..අවසානයේ වෙච්ච දේ..

Sri Lanka Accident Hatton
By Aruna Jun 23, 2023 01:27 AM GMT
Aruna

Aruna

Report

හැටන් සිට කොළඹ දක්වා ධාවනය කිරිමට හැටන් ලංගම බස් නැවතුම්පොලේ මගින් සහිතව ගාල් කර තිබු හැටන් ලංගම ඩිපෝවට අයත් බස් රථයක් ධාවනයෙන් ඉවත් කිරිමට හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් පියවර ගනු ලැබුවා.

මෙසේ ධාවනයෙන් ඉවත් කරනු ලැබුවේ හැටන් ලංගම ඩිපෝවට අයත් බස් රථයක් බවයි පැවසෙන්නේ.

රථ වාහන අංශයේ නිලධාරින් කියා සිටියේ, එම බස් රථයේ ඉදිරිපස වම් ප්‍රධාන විදුරුව නොමැතිව මගින් සහිතව හැටන් සිට කොළඹ දක්වා ධාවනය කිරිමට බස් රථය සුදානම් කර තිබු බවයි.