ජාතික නිදහස් දින උළෙලට විරෝධය - හෙට හර්තාල් ව්‍යාපාරයක්..

Sri Lanka
By krishani මාස 1 කට පෙර
krishani

krishani

Report

75 වැනි නිදහස් දිනය යෙදෙන හෙට (04) උතුරු හා නැගෙනහිර පළාත් දෙක තුළ පූර්ණ හර්තාලයක් ප්‍රකාශයට පත් කිරීමට යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් කටයුතු කර ඇත.

ඒ අනුව පූර්ණ හර්තාලයක් ක්‍රියාත්මක වන හෙට එම ප්‍රදේශවල සියලු කටයුතු නවතා දැමිය යුතු බවත් ජාතික නිදහස් දින උළෙල පැවැත්වෙන එදින එයට විරෝධය පළ කිරීමක් ලෙස සියලු වෙළෙඳසැල් වසා දමා ඒවායේ කළු කොඩි ඔසවන ලෙසත් ජනතාවගෙන් යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඉල්ලා සිටියි.

තව ද ජාතික නිදහස් දිනයට එරෙහිව උතුරු නැගෙනහිර පළාත්වල විරෝධතා පෙළපාලි රැසක් සංවිධානය කොට ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join